Ru Rahas
Ru Rahas page provides useful information on beauty culture, sewing, embroidery and many more...
21/10/2026
දත් ගැන ඔබ නොදත් දේවල් 🦷😬
1️⃣ ඉස්සර කාලේ අයත් දත් මැද්දා
අපේ සීයලා ආච්චිලා බෝඹු කෝටු හපලා කොස්ස වගේ කෙඳි ටික හදාගෙන ඒකෙන් දත් මැද්දා වගේම අතීත මුතුන් මිත්තන් පවා ගස්වල ගෙවී ගිය අතු කැබලි වලින් දත් සුද්ද කරගත් බවට සාක්ෂි හමුවී තිබෙනවා. අද අපිට දකින්නට ලැබෙන නයිලෝන් කෙඳි සහිත දත් බුරුසු ආවේ 1930න් පමණ පසු කාලයේ වන අතර මුල්ම ඉලෙක්ට්‍රොනික දත් බුරුසුව 1954දී නිපැයුණා.
2️⃣ දත් වලට ඔබ ගැන විස්තර කියන්න පුළුවන්
මරණ පරීක්ෂණ වලදී එහෙම දත් පාවිච්චි කරලා ගොඩක් විස්තර සොයා ගන්නට හැකි වෙනවා. කෙනෙක්ගේ වයස, ආහාරයට ගත් දේවල්, කාල වකවානු, ආහාර ගන්නා ආකාරය, ජීවත් වූ ප්‍රදේශය, ජීවිත කාලය තුළ ඇතිවූ විවිධ ආබාධතා, මානසික සෞඛ්‍යය ගැන විස්තර වගේ බොහෝ දේවල් වලට දත් සාක්ෂි සපයනවා.
3️⃣ එක වගේ දත් දෙකක් ලොව කොහේවත් නැහැ
ඇඟිලි සලකුණු වගේම දත්නුත් එකිනෙකට ආවේණිකයි. අඩුම තරමේ කට ඇතුලේවත් එක ජාතියෙ දත් තිබුණාට එක වගේ දත් නැහැ.
4️⃣ ඉපදෙන්නත් කලින් ඉඳලාම හනුවල දත් තිබෙනවා.
5️⃣ සිරුරේ සවිමත්ම කොටස එනැමලයයි
විදුරුමස් වල දුර්වලතාව නිසා දත් ඉක්මණට ගැලවුණත්, දතක් කෑලි වලට කඩන්නට ගොඩක් අමාරුයි. මොකද, එනැමලය කියන සවිමත් ස්ථරය අපේ දත වටා සිටිමින් එයට උපරිම ආරක්ෂාවක් ලබා දෙනවා.
15/10/2026
ගෑණු ළමයින්ට නියපොතු ලස්සනට තියාගන්න මේ උපදෙසුත් අනිවාර්යයෙන් වැදගත් වේවි 💅👩🦰
1️⃣ මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කරන්න.
2️⃣ රබර් ග්ලවුස් දෙකක් භාවිතා කරන්න.
3️⃣ නියපොතු දිගට වැවීමට ඔබට අදහසක් නැත්තම් සතියකට වරක්වත් ඔයාගේ නියපොතු කපන්න හෝ ඔපමට්ටම් කරන්නට මතක තබා ගන්න.
4️⃣ ඔබේ නියමහ රැකගන්න.
5️⃣ නියපොතු කැපූ පසු හෝ ඔපමට්ටම් කළ පසු Fortifying තෙල් හෝ ඔලිව් තෙල් බිංදු කිහිපයක් හෝ ලෙමන් පෙති දැමූ උණුසුම් ජලය අඩංගු භාජනයක් තුළ විනාඩි පහක් ඔබේ දෑත් දමාගෙන සිටින්න. ඉන්පසුව දෑත් හොඳින් පිසදා, වියළා Fortifying ක්‍රීම් හෝ ඔලිව් තෙල් ආලේප කරන්න.
6️⃣ උසස් තත්ත්වයේ නියාලේපන හා නියාලේප ඉවත් කිරීම් භාවිතා කරන්න.
7️⃣ හොඳින් ජලය පානය කරන්න, සමබල ආහාර වේලක් ගන්න.
07/10/2026
1️⃣ දවල්ට එන යක්ස නිදිමත (නැප් එකක්) ලබාගන්න යන්න එපා, තමන්ගේ නින්ද හරියට ක්‍රමවත් කරගන්න ඕන නම්, ඉවසගෙන ඉන්න. පොඩ්ඩක් ඇවිදින්න.
2️⃣ වෙනදට වඩා කලින් නිදන්න පටන් ගන්න.
3️⃣ එලාම් දෙක තුනක් හරි තියාගෙන, හයට නං හයට අවදි වෙන්න. පුලුවන් නම් ගෙදර කෙනෙක්ට හරි කියන්න වෙලාවට අපිව ඇහැරවන්න කියලා.
4️⃣ නින්දට කලින් ස්මාට්ෆෝන් එපා - පුලුවන් නම් නිදාගන්න වෙලාවට පැයකට කලින් ඔය ඩිජිටල් උපාංග පාවිච්චිය නවත්තන්න.
5️⃣ අපේ නින්දට බාධා ගෙන එන විවිධ පුරුදු තියෙනවා. (උදා:- නිදාගන්න කලින් කෝපි බිව්වම ඒවගේ තියෙන කැෆීන් නිසා අපිට නින්දට බාධා වෙන්න පුලුවන්)
6️⃣ නින්දේ ක්‍රමවත් චක්‍රය හරියට හදාගන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි අපි නිදාගන්න තීරණය කරපු වේලාවට කලින් රිලැක්ස් වෙන එක.
7️⃣ උදේම නැගිටින එකෙන් ඵලප්රයෝජන ගන්න එක. භාවනා කිරීම, වත්තේ ඇවිදීම, කැමති නම් ජිම් එකට යන්න, ජොගින් කරන්න හෝ ශරීර සුවතා ක්‍රියාකාරකම් කර උදේ දවසේ වැඩ පටන් ගන්න.
26/09/2026
🔹 දිනකට අඩුම වතුර ලීටර් හයක්වත් පානය කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට පුලුවන්.
🔹 ගොටුකොළ, පොල්පලා වැනි දේ යොදා ගෙන කොළ කැඳ පිලියෙල කර ගැනීමෙන් සිරුරේ ගිනිහම් බව අඩු වෙනවා. ඒ වගේම බෙලි මල්, රණවරා මල් වැනි දේ තම්බා ගත් ජලය පානයෙන් සිරුර සිසිල් වෙනවා.
🔹 පළතුරු යුෂ සිරුර ලස්සන කරන පාන වර්ග ලෙසින් සැලකෙනවා.
🔹 සිරුරේ ආලේපන වෙනුවෙන් ස්වභාවික දේ භාවිතයට යොමු වුනොත් ඔබේ රුව ලස්සන කර ගැනීම එතරම් අපහසුවක් නොවෙයි.
🔹 සමේ තිබෙන ලප කැලැල්වලට ඉරමුසු තම්බා ගත් ජලයෙන් මුහණ සෝදන්න.
🔹 සිරුරේ උෂ්ණත්වය පාලනය කරන කෝමාරිකා සමේ පැහැපත් පෙනුමට ඉතාම හිතකරයි.
🔹 මුහුනේ කුරුලෑ සහ ඇසේ නගන ඇති වුනාම කලාදුරු ඇල් දියෙන අඹරාගෙන එම ස්ථානයන්හි ආලේප කරනු ලැබුවා.
🔹 සම වර්ණවත් කිරීමට වගේම විෂබීජ නැසීමට වෙනිවැල්ගැට ඉතාම ගුණදායකයි.
🔹 නෙල්ලි තුන්දොසටම, හිස්හොරිවලින් ආරක්ෂාවට, ලේ පිරිසිදු කිරීමට වගේම තරුණ පෙනුම රැකගැනීමට කටයුතු කරන ඔසුවකි.
🔹 කොකුම් හෙවත් කුංකම සමේ ආලේප කිරීමෙන් සම පැහැපත් වෙනවා.
🔹"කහ" රුව ලස්සන කිරීමට ආලේප කළ අතර එය විෂබීජ නාශක ඔසුවක් විදිහටත් කාන්තාවන් ගේ රුව ලස්සන කරන කටයුතු වෙනුවෙන් යොදා ගත්තා.
16/09/2026
පැහැපත් දිදුලන සමක් යනු සුදු පැහැ සමක් නොවේ. ඔබේ සම රැලි වැටීම්වලින් තොර, තෙතමනය සහිත, පිරිසිදු මෙන්ම ලප කැළැල්වලින් තොර සමක් නම්, වර්ණය සුදු / කලූ /තලෙළු වුවද එය නිරෝගී සමකි. සම සුදු / කලූ /තලෙළු වීම ගැටලූවක් නොවේ. සමෙහි දුර්වලතා වළකමින් සුන්දරත්වයෙන් පිරි දිදුලන සමක් මින් ඉදිරියට ගැටළුවක් නොවනු ඇත. ඒ “Hydrosoft Technology” සතු නිසයි.
12/09/2026
කාන්තාවන් වෙනුවෙන් සුවනාරී සායනයක් අවශ්‍ය ඇයි දැයි ඔබ දන්නවාද?
🔸පියයුරු පිළිකා හා ගැබ්ගෙළ පිළිකා තත්ත්වය මුල් අවස්ථාවේදිම හඳුනා සාර්ථකව ප්‍රතිකාර කරා යොමු කර රෝගය පැතිරීම අවම කිරීම හා සම්පූර්ණයෙන් රෝගයෙන් මිදීමට අවස්ථාව සලසාදීම.
🔸අධික රුධිර පීඩනය හා දියවැඩියාව වැනි බෝ නොවන නිධන්ගත රෝග තත්ත්වයන්ද සායන පරීක්ෂාවන් හරහා ඉතා පහසුවෙන් හඳුනාගැනීම.
සුවනාරී වෙතින් ඔබට සැලසෙන සේවාවන් අතරට;
🔹පියයුරු පරීක්ෂාව සහ ස්වයං පියයුරු පරීක්ෂාව සඳහා දැනුම ලබාදීම.
🔹පැප් පරීක්ෂාව (ගැබ්ගෙල ශ්‍රාවී පටල පරීක්ෂාව )
🔹පියවි ඇසින් ගැබ්ගෙල පරීක්ෂාව
🔹රුධිර පීඩන පරීක්ෂාව
🔹මුත්රාවල ප්‍රෝටීන හා සීනි පරීක්ෂාව
🔹පවුල් සැලසුම් සේවාව
🔹සාමාන්‍ය කායික පරීක්ෂාව
🔹නිරෝගි මත් දිවියකට අවැසි සෞඛ්‍ය අධ්‍යාපනය
🔹ආර්ථවහරණය හා ඔසප් වීම සම්බන්ධ ගැටලූ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවීම
වයස අවුරුදු 35 ක් වූ සෑම කාන්තාවක්ම අදම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත ගොස් මෙම සේවාව ලබාගැනීමට උනන්දු වන්න.
22/07/2026
Press-On Nails
💰 මුදල් සහ කාලය ඉතිරි කිරීම
Press-On Nails භාවිතා කිරීමෙන් ඔබට රූපලාවන්‍යාගාර සේවාවන් සඳහා වැය වන අධික මුදල සහ කාලය ඉතිරි කර ගත හැකියි.
තවද, බොහෝ Press-On Nails නිසි ලෙස රැකබලා ගන්නේ නම් නැවත නැවතත් භාවිතා කළ හැකි නිසා එය තවත් ආර්ථිකමය වාසියක් ලෙස සැලකිය හැකියි.
🎨 විවිධ මෝස්තර සහ වර්ණ
වෙළඳපොළේ දැනට Press-On Nails සඳහා විශාල මෝස්තර සහ වර්ණ එකතුවක් තිබෙනවා.
ඔබට අවශ්‍ය:
ස්වාභාවික පෙනුමක්
මෘදු පැස්ටල් වර්ණ
නවීන විලාසිතා
විවාහ, සාද සහ උත්සව සඳහා විශේෂ මෝස්තර
වැනි ඕනෑම විලාසිතාවක් පහසුවෙන් තෝරා ගත හැකියි.
⚡ ඉක්මන් සහ පහසු යෙදීම
Press-On Nails යෙදීම ඉතාමත් සරලයි.
ස්වාභාවික නියපොතු පිරිසිදු කරන්න.
සුදුසු ප්‍රමාණයේ Press-On Nails තෝරන්න.
මැලියම් හෝ ඇලවුම් ස්ටිකර් යොදන්න.
තත්පර කිහිපයක් තද කර අලවන්න.
ඒ සමඟම ඔබේ නියපෙළ සූදානම්. වියලීමක් හෝ දිගු ක්‍රියාවලියක් අවශ්‍ය නැහැ.
🌿 ස්වාභාවික නියපොතු වලට හානි අඩුවීම
නිසි ලෙස භාවිතා කරන විට Press-On Nails සාමාන්‍ය නිය අලංකරණ ක්‍රමවලට වඩා අඩු හානියක් ඇති කළ හැකියි. ඒවා ස්ථිර නොවන නිසා අවශ්‍ය අවස්ථාවලදී පහසුවෙන් ඉවත් කළ හැකි අතර ස්වාභාවික නියපොතු වලට විවේකයක් ලබාදීමටද හැකියාව ලැබෙනවා.
අවධානය යොමු කළ යුතු කරුණු
✔️ යෙදූ වහාම අධික ලෙස ජලය භාවිතා කිරීමෙන් වළකින්න.
✔️ දෑත් භාවිතා කිරීමේදී ප්‍රවේශම් වන්න.
✔️ නියපොතු බලෙන් ගලවා නොදමන්න.
✔️ නිසි ක්‍රමයට ඉවත් කර ස්වාභාවික නියපොතු ආරක්ෂා කරගන්න.
21/07/2026
🥕 ඇස් යට පැහැපත් කරන ස්වභාවික Under Eye ක්‍රීම් එකක්
ඇස් යට කළු වීම සහ වෙහෙසකර පෙනුම අඩු කර ගැනීමට නිවසේදීම සකස් කරගත හැකි ස්වභාවික Under Eye ක්‍රීම් එකක් මෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
ආමන්ඩ් කුඩු තේ හැඳි 1ක්
කැරට් යුෂ තේ හැඳි 1ක්
බිත්තර සුදු මද ස්වල්පයක්
පිපිඤ්ඤා යුෂ තේ හැඳි 1ක්
විටමින් E කරලක් 1ක්
සාදා ගන්නා ආකාරය
බඳුනකට ආමන්ඩ් කුඩු දමන්න.
එයට කැරට් යුෂ, පිපිඤ්ඤා යුෂ සහ බිත්තර සුදු මද එකතු කරන්න.
විටමින් E කරල විවෘත කර එහි තෙල්ද මිශ්‍රණයට එකතු කරන්න.
සියල්ල හොඳින් කලවම් කර ක්‍රීම් ගතියක් ලැබෙන තෙක් මිශ්‍ර කරන්න.
භාවිතා කරන ආකාරය
මුහුණ පිරිසිදු කරගත් පසු ඇස් යට ප්‍රදේශයට ඉතා සුළු ප්‍රමාණයක් ආලේප කරන්න.
මිනිත්තු 15–20ක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
සතියට 2–3 වරක් භාවිතා කළ හැක.
විකල්පයක්
🥕 කැරට් යුෂ වෙනුවට නිවසේ සකස් කළ කැරට් තෙල් භාවිතා කළ හැක.
🥕 එසේම කැරට් යුෂ හෝ කැරට් තෙල් සමඟ ආමන්ඩ් කුඩු පමණක් මිශ්‍ර කර සරල Under Eye පැක් එකක් ලෙසද භාවිතා කළ හැක.
14/07/2026
බඩ අඩු කරන චියා ඇට
චියා බීජ (Chia Seeds) යනු තන්තු, ප්‍රෝටීන් සහ ඔමේගා-3 මේද අම්ල වලින් පොහොසත් ආහාරයකි. එම නිසා බඩ පිරුණු හැඟීම වැඩි කර ආහාර රුචිය පාලනය කිරීමට සහ බර අඩු කිරීමේ ගමනට සහාය විය හැක.
බර අඩු කර ගැනීම සඳහා චියා බීජ භාවිතා කළ හැකි ක්‍රම
✅ චියා පුඩින්
චියා බීජ මේස හැඳි 2ක් කිරි හෝ යෝගට් කෝප්ප 1ක් සමඟ මිශ්‍ර කර පැය කිහිපයක් හෝ රාත්‍රියක් තබන්න.
පලතුරු හෝ කුරුඳු කුඩු ස්වල්පයක් එකතු කර ආහාරයට ගන්න.
✅ පලතුරු සමඟ
කෙසෙල්, ස්ට්‍රෝබෙරි, අඹ හෝ පැපොල් වැනි පලතුරු මත චියා බීජ ඉස ආහාරයට ගත හැක.
✅ කැඳ, යුෂ සහ ස්මූතීස් වලට එකතු කර
ඔබ පානය කරන කැඳ, පළතුරු යුෂ හෝ ස්මූතීස් වලට චියා බීජ මේස හැඳි 1–2ක් එකතු කරන්න.
✅ සලාද වලට එකතු කිරීම
එළවළු සලාද හෝ පලතුරු සලාද මත චියා බීජ ඉස රසවත් හා පෝෂණීය ආහාරයක් සකස් කර ගන්න.
✅ ජලය සමඟ පානය කිරීම
චියා බීජ මේස හැඳි 1ක් වතුර වීදුරුවකට දමා විනාඩි 20–30ක් තබා පානය කරන්න.
දවස පුරා ප්‍රමාණවත් ජලය පානය කිරීමද වැදගත් වේ.
වැදගත්
🔹 දිනකට චියා බීජ මේස හැඳි 1–2ක් ප්රමාණවත්ය.
🔹 චියා බීජ පමණක් බර අඩු නොකරයි. සමබර ආහාර රටාවක් සහ නිතිපතා ව්‍යායාම සමඟ භාවිතා කළ විට වඩා හොඳ ප්‍රතිඵල ලැබේ.
🔹 ප්‍රමාණවත් ජලය නොබී වැඩිපුර චියා බීජ භාවිතා කිරීමෙන් ජීර්ණ අපහසුතා ඇති විය හැක.
07/07/2026
වියලී ඉරිතැලුණු දෙපා සුවපත් කරන කෝමාරිකා වලින් කළ හැකි සත්කාර.
රාත්‍රී නින්දට පෙර දෙපා මඳ උණුසුම් ජලයේ දමා ඔබ මිලදී ගෙන ඇති ෆුට් ස්ක්‍රබ් එකකින් ස්ක්‍රබ් කර ගන්න.
ඉන් පසුව දෙපා වියලාගෙන කෝමාරිකා ජෙල් ආලේප කරන්න.
පසුව කොට්න්, සුව පහසු මේස් යුවලක් පැළඳගෙන නින්දට යන්න.
උදෑසන මඳ උණුසුම් ජලය භාවිතා කර සෝදා දමන්න.
Alerts
Be the first to know and let us send you an email when Ru Rahas posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Subscribe
We will notify you when anything happens in Colombo.